DHAMMA SCHOOL
|
ත්‍රිපිටකවාගීස්වරාචාර්ය්‍ය මැටි දෙණියේ ශ්‍රී සුමන ස්වාමීන් වහන්සේ 1942 දි කෙවුල්ගම දළදා ගමන් මාලිගා විහාරයේදී ශ්‍රී සුධීරෝදය නමින් දහම් පාසල ආරම්භ කර තිබේ. එකල විවිධ දුෂ්කරතා මධ්‍යයේ දහම් පාසල ක්‍රියාත්මක කරගෙන තිබේ. ඉන්පසුව රේටියගම චන්දානන්ද ලොකු හාමුදුරුවන් වහන්සේ ප්‍රදේශයේ ජනතාවගේ උපකාරය මැද ශ්‍රී සුධීරෝදය දහම් පාසල ගොඩ නගා ඇත. මෙහිදි දහම් කරුණු අවබෝධ කර ඇත්තේ ඩෙස් පුටුවල හිදුවා නොව විහාර පියගැටපෙළ බෝ සෙවන, එලිමහන් ස්ථාන වලය. මෙහිදී කලු ලෑල්ලක් හෝ භාවිතා කිරීමට නොතිබී ඇත. නමුත් මේ දුෂ්කරථා පැවතියද සාරධර්ම වලින් හෙබි පිරිසක් නිහඩව බිහිකර තිබේ. උන් වහන්සේ රෝගාතුර වීමෙන් පසු උන්වහන්සේගේ මගපෙන්වීම යටතේ ප්‍රධානාචාර්ය්‍ය හිමි ලෙස කෙවුල්ගම හේමාලෝක හිමි එම කටයුතු ඉදිරියට ගෙන යමින් ප්‍රදේශයේ ගිහි කුඩා සියලු දෙන සාරධර්ම වලින් මෙන්ම උසස් තරග වලින්ද පොහොසත් වෙමින් පවතී. ශිෂ්‍ය සංඛ්‍යාව කුඩා උවත් විසාල ජයග්‍රහණ උදාකරගෙන ශාසනාරක්ෂක බල මණ්ඩයේ දීප්තිමත්ම දහම් පාසලක් වශයෙන් නිහඩව සේවයක් ඉටු කරයි. 1 ශ්‍රේණියේ සිට ධර්මාචාර්ය්‍ය විභාග සාර්ථකව නිමාකර ප්‍රදේශයට මහත් ආදර්ශයක් දෙමින් ක්‍රියා කරයි. සෑම වර්ෂයකම අවසාන හා ධර්මාචාර්ය්‍ය විභාගවලට ඉදිරිපත් කර ප්‍රතිඵල ලබාගෙන ඇත. උඩදුම්බර ශාසනාරක්ෂක බල මණ්ඩයේ පැරණිම දහම් පාසල ලෙස ශ්‍රී සුධීරෝදය දහම් පාසල හැදින්වුවද වර්තමානයේදී ද මෙම භාරදූර කාර්ය්‍ය විවිධ දුෂ්කරතා මධ්‍යයේ සිදු කරගෙන යමින් තිබේ. මේ සදහා ගම්වාසී උගත් තරුණ තරුණියන් නොමද දායකත්වය හා කැපවීම නිස්සරණාධ්‍යාශයෙන් ලබා දෙයි. එය ප්‍රදේශයේ දරු දැරියන්ට මහත් රුකුලක් වී ඇත. |
ප්‍රධානාචාර්ය්‍ය හිමිගේ ප්‍රකාශය ලක්දිව සතුරු ආක්‍රමණ උග්‍රවීම හේතුවෙන් දළදා වහන්සේගේ ආරක්ෂාව සදහා කන්ද උඩරට දුම්බර පන්සිය පත්තුවට වැඩම කර ඇත. එහෙත් එහි දැඩි ආරක්ෂාව උදෙසා කෙවුල්ගම ගනේගල ගල්ලෙනට දළදා වහන්සේ වැඩම කර තිබේ. |
|||||||||||||||||||
වැඩසටහන්
වෙසක් බැති ගී





Leave a comment
Comments 0